Home Local News Room : ‘ආහාර ඔතාගෙන ආ පොලිතීන් සිසුන්ට කැවූ’ විදුහල්පති රිමාන්ඩ්

News Room : ‘ආහාර ඔතාගෙන ආ පොලිතීන් සිසුන්ට කැවූ’ විදුහල්පති රිමාන්ඩ්

1
0

නාවලපිටිය, රඹුක්පිටිය මහා විද්‍යාලයේ ළමුන් පස් දෙනෙකුට කෑම ඔතන පොලිතීන් ආහාරයට ගැනීමට සැලැස්වූ විදුහල්පතිවරයා දෙසැ. 4 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නාවලපිටිය මහේස්ත්‍රාත් නිලන්ත විමලවීර නියෝග කර තිබේ.

සැකකාර විදුහල්පතිවරයා නාවලපිටිය පොලිසිය මගින් ඊයේ (නොවැ. 28) දින සැකපිට අත්අඩංගුවට ගෙන අද (නොවැ. 29) දින නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය මගින් සැකකාර විදුහල්පතිවරයා ගම්පොළ කලාප අධ්‍යාපන කර්යාලය වෙත අනුයුක්ත කර තිබුණු අතර පොලිසිය නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් තිබුණු බව අප වාර්තාකරු පැවසීය.

තමන් නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට සිටින බවට අදහස් කරමින් නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් අපේක්ෂිත ඇපයක් ඉල්ලා සිටීමට ද සැකකරු පියවර ගෙන ඇති අතර එය මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

අනතුරුව සැකකරු නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටි අවස්ථාවේ නාවලපිටිය පොලිසියේ නිලධාරින් සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩිදුර කියවන්න:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here