Home Local News Room : යූ ටියුබ් නාලිකාවේ නැරඹුම් වැඩි කරන්න දියණියගේ නිරුවත් ඡායාරූප...

News Room : යූ ටියුබ් නාලිකාවේ නැරඹුම් වැඩි කරන්න දියණියගේ නිරුවත් ඡායාරූප ගැනීමට ගිය පියා, බිරිඳ අතින් මරුට (VIDEO)

0
0

වැල්ලව පොලිස් වසමේ, බලගහගම ප්‍රදේශයේ නිවසක් තුළදී බිරිඳ විසින් තියුණු ආයුධයකින් පහර දී තම ස්වාමි පුරුෂයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වැඩිදුර තොරතුරු අනාවරණය වී තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සතුව තිබු යූ ටියුබ් නාලිකාව ජනප්‍රිය කර ගැනීමේ අරමුණින් එහි පළ කිරීම සඳහා තම 14 හැවිරිදි එක ම දියණියගේ නිරුවත් ඡායාරූප බලහත්කාරයෙන් ලබා ගැනීමට උත්සහ කිරීමේදී බිරිඳ විසින් මෙම පුද්ගලයාව කපා කොටා ඝාතනය කරනු ලැබ ඇති බව වැල්ලව පොලිසිය පවසයි.

ඝාතනයට ලක් වී ඇත්තේ, රෝහල් උපස්ථායකයෙකු ලෙස සේවය කළ වැල්ලව ප්‍රදේශයේ, බලගහගම පදිංචි 38 හැවිරිදි දෙදරු පියෙකි.

මෙම කාන්තාව තම 14 හැවිරිදි දියණිය හා 9 හැවිරිදි පුතා නිවසේ කාමරයකට දමා වසා තම ස්වාමි පුරුෂයාව ඝාතනය කර ඇති බව පොලිසිය තවදුරට ත් සඳහන් කළේ ය.

අදාළ සැකකාරිය තම සැමියා නාන කාමරයට ගිය පසු ඔහුගේ ඇස්වලට මිරිස් කුඩු ගසා ඇති අතර ඉන්පසු ඔහු නාන කාමරයෙන් එළියට පැමිණීමේදී කපා කොටා ඝාතනය කර තිබේ.

එම පහර දීම හේතුවෙන් ඔහු නිවසේ සාලය තුළදී ම මරණයට පත්ව ඇති බව පොලිසිය පැවසීය.

මරණයට පත් පුද්ගලයා මෑතකදී යූ ටියුබ් නාලිකාවක් ආරම්භ කර ඇති බව ද එය ජනප්‍රිය කරවීමේ අරමුණින් නිරුවත් කාන්තා ජායාරූප එක් කරමින් සිටි අයෙකු බව ද පොලිස් විමර්ශන වලදි අනාවරණය වී තිබේ.

ජයන්ත දිසානායක – කුරුණෑගල

වැඩිදුර කියවන්න :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here