දෙස් විදෙස් සංචාරයකයින් නිරන්තරයෙන් ගැවසෙන නුවරඑළිය හා නානුඔය නගර තුළ අවිධිමත් හා නීති විරෝධී ගව ඝාතනයන් හා මාංශ වෙළඳාමක් සිදුවන බවට ඡායාරූප සාක්ෂි සහිතව නානුඔය ප්‍රදේශවාසීන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබේ.
එම ලිපියේ පිටපත් අගමැතිවරයා , සෞඛ්‍ය අමාත්‍යවරයා , අධිකරණ අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් රැසකට යොමුකිරීමටද කටයුතු කර ඇත.
එම ලිපිය අනුව, දීර්ඝ කලක සිට ගව මාංශ අලෙවියට අදාල නිර්ණායකයන් උල්ලංඝණය කරමින් රෝගීව සිට මිය ගිය සතුන් , ගැබිනි සතුන් , කිරි ගවයන් , මී ගවයන්ගේ මාංශද අලෙවි කරන බවයි සඳහන්.
එසේම නුවරඑළිය නගරයේ ප්‍රධානම ගව මාංශ අලෙවි සැලේ හිමිකාරිත්වය දරන්නේද නුවරඑළිය මහ නගර සභාවයි.