Home Local News Room : මුහුදුබඩ දුරකතන 60,000කට සුනාමි අනතුරු අඟවන සයිරන් රිඟින් ටෝන්...

News Room : මුහුදුබඩ දුරකතන 60,000කට සුනාමි අනතුරු අඟවන සයිරන් රිඟින් ටෝන් එකක්

1
0

රට පුරා භාවිත කරන ජංගම සහ ස්ථාවර දුරකතන අංක හැට දහසක් වෙත සයිරන් ශබ්දයක් සමඟ ක්ෂණික පූර්ව අනතුරු ඇඟවීමේ “රින්ගින් ටෝන්” නිවේදනයක් යොමු කිරීමට හැකි වන පරිදි ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නව ක්‍රමවේදයක් එළිදක්වා තිබේ.

දිස්ත්‍රික්ක දාහතරක් තුළ සුනාමි අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ගේ මෙන් ම සුනාමි ආපදා කළමනාකරණ යාන්ත්‍රණයට සම්බන්ධවන හඳුනාගත් පුද්ගලයන්ගේ දුරකතන මේ සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ පෞද්ගලික දුරකතන සේවා සැපයුම් ආයතන එක්ව මෙම වැඩසටහන කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නව ක්‍රමවේදය එළිදැක්වීම සහ ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට එළැඹීම ජනාධිපති කාර්යාලයේදී දෙසැ. 19 දා සිදු විය.

රාත්‍රි කාලයේදී මහජනතාව වෙත සයිරන් ශබ්දයක් සමග දුරකතන නාද වීමෙන් වඩාත් ඵලදායී පූර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණයක් මෙමගීන් ස්ථාපානය කර ගත හැකි බව ජනාධිපති කාර්යාලය පවසයි.

මෙම ක්‍රමවේදය 2023 දෙසැම්බර් 26 වන දිනට යෙදෙන “ජාතික සුරක්ෂිත දිනයට” සමගාමීව ජනගත කිරීමට නියමිත බව ද එම කාර්යාලය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here