නවසීලන්තයේ වෙලින්ටන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරට ත් වර්ධනය කිරීමේ අරමුණින් නවසීලන්තයේ වෙලින්ටන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් පිහිටුවීම යෝග්‍ය බව රජය හඳුනාගෙන තිබේ.
ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.