Home Politics News Room : සනත් නිශාන්තගේ චරිතය සම කළ නොහැකි එකක්

News Room : සනත් නිශාන්තගේ චරිතය සම කළ නොහැකි එකක්

2
0

සනත් නිශාන්ත මහතාගේ චරිතය කොපි කළ හැකි වුවත් සම කළ නොහැකි චරිතයක් බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවැසීය.

අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතා වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවැසුවේය.

“මේ හදිසි වියෝව දැන ගත් වහාම බොහෝ දෙනෙක් එතුමා වෙනුවෙන් කැපවෙලා වැඩ කළා. ඒ සියලුදෙනාට කෘතගුණ දැක්වීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. විවිධ අදහස් අප අතර තිබිය හැකියි. නමුත් එකඑක්කෙනා වෙන වෙනම මොඩ්ල්. සනත් නිශාන්ත මහතාගේ දිනපොත මම බලා තිබෙනවා. එය වෙනම එකක්. අපි රෑ 10, 12 වෙනකොට ඔහුගෙන් වෙන් වෙනවා. ඔහු තවත් රෑ වෙනකන් තව අයත් එක්ක වැඩ කරනවා. ඔහු කළ කැප කිරීම අපමණයි. ජනතාව වෙනුවෙන් පෙනී සිටි නායකයෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here