7
මහ පොළොව දහදියෙන් තෙත් කර, තේ දල්ලට වටිනාකමක් ලබා දෙන ජනතාවට හොඳ ජීවිතයක් ලබා දිය යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.
ඔහු එසේ ප්‍රකාශ කළේ පසුගිය 25දා මාතර, දෙණියාය කඳුකර ජනතා සභාව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හඳුන්නෙත්ති මහතා,
‘වතුකරයේ අම්මලා, තාත්තලා තම දරුවන් වතුකරයේ රඳවන්න කැමැති නැහැ. විදේශගත කරන්න උත්සාහ කරනවා. වතු පාසල්වලට පත්වීම් ලැබී පැමිණෙන ගුරුවරුන් ඉක්මනින්ම ස්ථාන මාරුවීම් ලබාගෙන යන්න උත්සාහ කරනවා. මඩකලපුව වැනි ප්‍රදේශවලින් පත්කර එවන ගුරුවරුන්ට මේ ප්‍රදේශවල පදිංචි වෙන්න ඉඩම් ලබා දෙන්න වැඩපිළිවෙළක් හදන ලෙස අපි අවස්ථා ගණනාවකදීම යෝජනා කළා. කඳුකර සභාව නිර්මාණය වන්නේ වෘත්තීය සමිතිවලට එහා ගිය නිදහස් ජීවිතයක් සම්බන්ධයෙන් ජයග්‍රහණ ලබා දෙන්නයි. මනුෂ්‍යයකු හැටියට ජීවත් වෙන්න නිවාසයක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ ජීවිතයක් අනික් අයට වගේම ඔබටත් අයිතියි.’ යැයි ද සඳහන් කළේය.
උපාලි කරුණාරත්න