14
පසුගියදා කොළඹදී පැවති එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා – පැසිෆික් කළාපීය සමුළුවට සහභාගී වීම සදහා මෙරටට පැමිණි ෆීජී දිවයිනේ ධීවර සහ කෘෂිකර්ම අමාත්‍ය ගරු කලවේටි වෝඩෝ රාවෝ මහතා (Kalaveti Vodo Ravu) 2024.02.21 දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත විය.
එහිදී ෆීජී අමාත්‍යවරයා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න යන මහත්වරු හමුවී සුහද සාකච්ඡාවක නිරත විය.
දෙරටේ කෘෂිකර්ම සහ ධීවර ක්ෂේත්‍රයට අදාළව සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීමට ඉදිරියේදී අපේක්ෂා කරන බව මෙහිදී ෆීජි අමාත්‍යවරයා පැවසීය.
එසේම අමාත්‍යවරයා හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හමුවිය.
විශේෂ අමුත්තන්ගේ ගැලරියේ සිට පාර්ලිමේන්තු සභා ගර්භයේ පැවති විවාදය නැරඹීමට ද ෆීජි අමාත්‍යවරයා එක්වූ අතර ඒ මහතා ඇතුළු දූත පිරිස ගෞරවයෙන් පිළිගන්නා බව ද මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායකවරයා මෙහිදී සභාවට නිවේදනය කළේය.