Home Politics News Room : සයිටම් එපා කියූ විප්ලවවාදිය­ා තම දරුවා ප්‍රයිවට් කැම්පස් යවලා

News Room : සයිටම් එපා කියූ විප්ලවවාදිය­ා තම දරුවා ප්‍රයිවට් කැම්පස් යවලා

0
0

එදා පාසල් ගිනි තියපු කුහක විප්ලවවාදීන්ම අද අධ්‍යාපනය නවීකරණය කිරීමට ඉඩ නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මොණරාගල බුත්තල ගෝණගංආර කනිටු විද්‍යාලයේ දී ඊයේ (04) පැවසුවේය. සයිටම් ‘එපා’ යනුවෙන් පැවසූ විප්ලවවාදියෙක්ගේ දරුවකුත් පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධිය ලබාගෙන ඇති බව ද හෙතෙම මෙහිදී කීවේය. සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 118 වැනි අදියර යටතේ මොණරාගල බුත්තල ගෝණගංආර කනිටු විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීම මෙහිදී විපක්ෂ නායකවරයා අතින් සිදු කෙරිණි.

එහිද වැඩිදුරටත් අදහස් පළ කරමින් විපක්ෂ නායකවරයා මෙසේද පැවැසීය. පාසල් ගොඩනඟනවා වෙනුවට මේ රටේ පාසල් ගිනි තබන යුගයක් තිබුණා. භීෂණය නිර්මාණය කළ කණ්ඩායම් පාසල් දරුවන්ගේ මවුපියන් පවා උපයෝගී කර ගනිමින් පාසල් ගිනි තැබුවා. පාසල්වල ‘මේ මගේ දරුවාගේ පාසලයි මෙය සුරැකීම අපේ යුතුකමයි’ යනුවෙන් ලියා තැබීමට මේ නිසා සිදු වුණා. මේ දේවල් අමතක නොකළ යුතුයි. එදා පාසල් ගිනිතැබීමට කටයුතු කළ අයම වර්තමානයේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට ඉඩ දෙන්නේ නැහැ. මේ ආකාරයෙන් ගියොත් 41 ලක්ෂයක් පාසල් දූදරුවන් පවා විනාශ වෙනවා. පාසල් ගිනිතියපු විප්ලවවාදීන් තමන්ගේ දූදරුවන්ට වඩා රටේ දරුවන් ඉදිරියට පැමිණේය බියෙන් පෙළෙනවා. ඔවුන්ගේ දරුවන් ඉගෙනුම ලබන්නේ පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාලවලයි. සයිටම් එකට විරුද්ධ වූ විප්ලවවාදියකුගේ දරුවකු පසුගිය දිනක පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියක් ගෙන ඇති අයුරු දැකගත හැකි වුණා. එය සතුටට කරුණක්. එක්තරා අතකින් දුකට කරුණක්ද වෙනවා. රටේ සෑම පුරවැසියකුගේම දරුවන්ට එවැනි පෞද්ගලික අධ්‍යාපනයක් ලැබිය හැකි ද කියා ගැටලුවක් පවතිනවා.

පවතින නිදහස් අධ්‍යාපනයට හානි නොවන ආකාරයට වෙනත් අධ්‍යාපන පද්ධතියක් නිර්මාණය වනවාට මෙම කුහක විප්ලවවාදීන් විරුද්ධයි. තමා කිසිදු ආකාරයකට පෞද්ගලික අධ්‍යාපනය ශක්තිමත් කරන්නේ නැහැ. නමුත් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරමින් අපේ රටේ දූදරුවන් වෙනුවෙන් අනෙකුත් අධ්‍යාපන අවස්ථාද ශක්තිමත් කළ යුතු යැයිද හෙතෙම කීවේය.

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here