Home Sport News Room : මධ්‍යම ආසි­යානු බීච් වොලි­බෝල් ජය­ග්‍රා­හ­කයෝ ඇග­යෙති

News Room : මධ්‍යම ආසි­යානු බීච් වොලි­බෝල් ජය­ග්‍රා­හ­කයෝ ඇග­යෙති

0
0

මධ්‍යම ආසි­යානු වොලි­බෝල් සම්මේ­ල­නයේ ආරා­ධ­න­ය­කට අනුව ශ්‍රී ලංකා වොලි­බෝල් සම්මේ­ලන‍ය සංවි­ධාන කළ මධ්‍යම ආසි­යානු බීච් වොලි­බෝල් තර­ගා­ව­ලි­යේදී ශ්‍රී ලංකා­වට ජය­ග්‍ර­හණ අත්ක­ර­දුන් ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් සහ පුහු­ණු­ක­රු­වන් ඇග­යීමේ උත්ස­ව­යක් පසු­ගි­යදා පැවැ­ත්විණි.

මීග­මුව වෙරළ උද්‍යාන බීච් වොලි­බෝල් ක්‍රීඩාං­ග­ණයේ පැවති මධ්‍යම ආසි­යානු තර­ගා­ව­ලි­යේදී ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩා­යම් අනු­ශූ­රතා දිනා­ගත් අතර, කාන්තා තෙවැනි ස්ථානය ද ශ්‍රී ලංකා­වට හිමි විය.

මෙහිදී පිරිමි අනු­ශූ­ර­තාව දිනූ කණ්ඩා­ය­මට දිලීප චාමික සහ මලිත් දිල්ෂාන්, කාන්තා අනු­ශූ­රතා කණ්ඩා­ය­මට දීපිකා බණ්ඩාර සහ කසුනි තාරු­කා ඇතුළත් වූ අතර, ඔවුන්ට රුපියල් ලක්ෂය බැගින් පිරිනැමිණි. තෙවැනි ස්ථානය දිනූ පිලට චතු­රිකා මධු­ෂානි සහ ෂෙහානි අසං­ගාට රුපියල් 50,000 බැගින් පිරිනැමූ අතර, පිරිමි කණ්ඩා­යමේ පුහු­ණු­කරු ඉන්දික ටිරෝන් ජය­ති­ලක, කාන්තා කණ්ඩා­යමේ පුහු­ණු­කරු තක්ෂිලා ගුණ­සිංහට රුපියල් 60,000 බැගින් ද එම කණ්ඩා­ය­ම්වල සම්භා­හක ලෙස කට­යුතු කළ එච්.සී.පී සමීරට රුපියල් 40,000ක් ද ප්‍රදානය කළේය.

එම කණ්ඩායමේ වෛද්‍ය­ව­රයා ලෙස කට­යුතු කළ වෛද්‍ය රුක්මාල් කරු­ණා­නා­යක සහ කළ­ම­නා­ක­රු­වන් වන ධන­පාල ජය­පත්ම සහ සජිත් නන්ද­සිරි මහත්ම මහ­ත්මිහු ද මෙහිදී ඇග­යී­මට ලක් වූහ.

සම්මේ­ල­නයේ සභා­පති කංචන ජය­රත්න මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවති මේ ඇග­යීම් උලෙළ සඳහා ශ්‍රී ලංකා වොලි­බෝල් සම්මේ­ල­නයේ ප්‍රධාන ලේකම් ඒ.එස්. නාලක, එම සම්මේ­ල­නයේ භාණ්ඩා­ගා­රික තුෂාර පෙරේරා, උප සභා­ප­ති­ව­රුන් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති සජීව මැද­වත්ත සහ කොම­දෝරු සිල්වා මහ­ත්වරු සමඟ ජාතික ක්‍රීඩා කවු­න්සි­ලියේ සාමා­ජික සී. රත්න­මු­දලි, ක්‍රීඩා සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සිසිර වැල්ලේ­ගෙ­දර, ක්‍රීඩා සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ වොලි­බෝල් සම්බ­න්ධී­ක­රණ නිල­ධා­රිනි රංගිකා මහ­වත්ත මහත්ම මහ­ත්මිහු ඇතුළු පිරි­සක් එක්ව සිටි­යහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here