Home Sport News Room : ශ්‍රී ලංකා මාස්ටර්ස් පෙරමුණ ගනිමින් අව­සන් පූර්ව වට­යට

News Room : ශ්‍රී ලංකා මාස්ටර්ස් පෙරමුණ ගනිමින් අව­සන් පූර්ව වට­යට

0
0

කුමාර් සංග­ක්කා­රගේ නොදැ­වුණු සුපිරි ශත­කය හේතු­වෙන් ජාත්‍ය­න්තර ක්‍රිකට් පිටියේ හිටපු විශි­ෂ්ට­යන් ගැටෙන ජාත්‍ය­න්තර ප්‍රවී­ණ­යන්ගේ ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ (International Masters League) එංග­ල­න්ත­යට එරෙ­හිව පැවති මූලික වටයේ සිය අව­සන් තර­ග­යෙන් කඩුලු 9ක පහසු ජයක් හිමි­කර ගැනී­මට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩා­යම සමත් විය.

මේ සමඟ ප්‍රසාද ලකුණු සට­හනේ පෙර­මුණ ගනි­මින් අව­සන් පූර්ව වට­යට එක්වී­මට ද ශ්‍රී ලංකා ක්‍රීඩ­කයෝ සමත් වූහ.

පෙරේදා රායි­පූර්හී ෂහීඩ් වීර් නාරා­යන් සිං ජාත්‍ය­න්තර ක්‍රිකට් ක්‍රීඩාං­ග­ණයේ පැවති තර­ගයේ පළ­මුව පන්දු­වට පහර දුන් එංග­ලන්ත මාස්ටර්ස් පිල ලකුණු 146කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩ­කයෝ ඕවර 12.5කදී ජය තහ­වුරු කර ගත්තේ කඩු­ල්ලක් පම­ණක් දැවී තිබි­ය­දීය.

විශිෂ්ට පිති­හ­ර­ඹ­යක නිරත වූ නායක කුමාර් සංග­ක්කාර පන්දු 47ක් පම­ණක් වැය කර­මින් නොදැවී ලකුණු 106ක් රැස් කළේ හතරේ පහර 19ක් සහ හයේ පහ­රක් සම­ඟිනි. සංග­ක්කාර සම­ඟින් ඉනිම ඇරඹූ රොමේෂ් කළු­වි­තා­රණ ලකුණු 16ක් රැස් කර සිටි­යදී දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව 108ක් විය. අන­තු­රුව සංග­ක්කා­රට එක්වූ අසේල ගුණ­රත්න නොදැවී ලකුණු 22ක් ඉනි­මට එක් කළේය.

ෆිල් මස්ටඩ් පන්දු 39කින් ලකුණු 50ක් රැස් කර­මින් පළ­මුව පන්දු­වට පහර දුන් එංග­ලන්ත ඉනිමේ වැඩිම ලකු­ණු­ලා­භියා වූ අතර, වෙනත් කිසිදු පිති­ක­රු­ව­කුට ලකුණු 20 සීමා­වට පිවි­සී­මට ශ්‍රී ලංකා පන්දු යව­න්න­න්ගෙන් අව­ස්ථා­වක් නොලැ­බිණි. පන්දු යැවී­මේදී ඉසුරු උදාන, අසේල ගුණ­රත්න, ජීවන් මෙන්ඩිස්, චතු­රංග ද සිල්වා සහ දිල්රු­වන් පෙරේරා කඩුල්ල බැගින් දවා ගත්හ.

තරග 5කින් 4ක් ජය­ගත් සත්කා­රක ඉන්දි­යාව දෙවැනි තැනින් මූලික වටය නිමා කර තිබේ.

තෙවැනි සහ සිව්වැනි ස්ථාන ඔස්ට්‍රේ­ලි­යාව සහ බට­හිර ඉන්දීය කොදෙව් කණ්ඩා­යම් හිමි­කර ගෙන සිටින අතර, එම කණ්ඩා­යම් දෙක­ටම මූලික වටයේ තවත් තර­ග­යක් ඉති­රිව තිබේ.

ඒ අනුව කොදෙව් පිල ඊයේ රාත්‍රියේ දකුණු අප්‍රි­කාව (5 වැනි තැන) සමඟ තරග වැදී­මට නිය­මි­තව තිබූ අතර, ඔස්ට්‍රේ­ලි­යාව සහ එංග­ල­න්තය අතර අද (12) පැවැ­ත්වෙන තර­ග­යෙන් මූලික වටය නිමා වෙයි.

ඉන් අන­තු­රුව ශ්‍රී ලංකා පිලේ ප්‍රති­වා­දීන් තීර­ණය වන අතර, පළමු ස්ථානයේ සිටින (ශ්‍රී ලංකාව) කණ්ඩා­යම සම­ඟින් සිවු­වැනි ස්ථානයේ සිටින කණ්ඩා­යම අව­සන් පූර්ව තර­ග­යට එක්වනු ඇත. අනෙක් තර­ගය දෙවැනි සහ තෙවැනි ස්ථාන අතර පැවැත්වේ. පළමු අව­සන් පූර්ව තර­ගය හෙටත් (13), දෙවැනි තර­ගය 14 වැනි­දාත් පැවැ­ත්වී­මට නිය­මි­තය.

එංග­ලන්ත මාස්ටර්ස් – 146/5 (ඕවර 20) ෆිල් මස්ටඩ් 50, ටිම් බ්‍රෙස්නන් නොදැවී 18 (ඉසුරු උදාන 21/1, අසේල ගුණ­රත්න 21/1, ජීවන් මෙන්ඩිස් 22/1, චතු­රංග ද සිල්වා 24/1, දිල්රු­වන් පෙරේරා 29/1)

ශ්‍රී ලංකා මාස්ටර්ස් – 218/9 (ඕවර 20) කුමාර් සංග­ක්කාර නොදැවී 106, අසේල ගුණ­රත්න නොදැවී 22, රොමේෂ් කළු­වි­තා­රණ 16

 

නිරෝ­ෂාන් ප්රියං­කර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here