Home Local News Room : හෝමුස් නෞකාවලට වෙඩි තැබීම අපේ වැරදීමක් යයි ඉරානය රහසිගතව...

News Room : හෝමුස් නෞකාවලට වෙඩි තැබීම අපේ වැරදීමක් යයි ඉරානය රහසිගතව ඇමරිකාවට දන්වයි ~

0
0
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ වාණිජ නෞකාවලට සිය ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීම අත්වැරදීමකින් සිදු වූවක් බව ඉරානය රහසිගතව පිළිගෙන ඇති බව ඇමරිකානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානය මෙම කරුණ අතරමැදියන් හරහා ඇමරිකා එක්සත් ජනපදය වෙත දැනුම් දී ඇති බවත් වාර්තාවල සදහන්ය.

පසුගිය කාලසීමාව තුළ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේදී නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් කලාපය තුළ දැඩි යුදමය නොසන්සුන්තාවයක් නිර්මාණය විය. මෙම තත්ත්වය හමුවේ ඇමරිකාව ද සිය නාවික සහ ගුවන් හමුදා බලය එම කලාපය තුළ ශක්තිමත් කිරීමට පියවර ගත්තේය.

ප්‍රසිද්ධියේ දැඩි සහ අභියෝගාත්මක ස්ථාවරයක සිටියද, තත්ත්වය තවදුරටත් උත්සන්න වීම වැළැක්වීමේ අරමුණින් ඉරානය මෙම රහසිගත පණිවිඩය යොමු කර ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම ඇමරිකාව සමඟ සෘජු යුද ගැටුමකට එළඹීමට ඇති අකමැත්ත මෙමගින් සංකේතවත් වන බව ද ඔවුහු පවසති.

න්‍යෂ්ටික ගිවිසුම සහ පනවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන් ඇමරිකාව සහ ඉරානය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුදය හමුවේ, ඉරානය විසින් සිදු කරන ලද මෙම වැරදීම පිළිගැනීම කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, ඇමරිකානු ආරක්ෂක අංශ තවදුරටත් ඉරානයේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන බව ද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ. 

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here