ජාතික ජන බලවේගය නියෝජනය කරන මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සභාපති ජයතුංග ගමගේ සමන් සුජීව මහතාට නිර්නාමික දුරකථන ඇමතුමක් මගින් මරණ තර්ජන එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව හොරණ මූලස්ථාන පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
අද (15) අලුයම 1.00 ට පමණ සභාපතිවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාදුන් පුද්ගලයකු, “එළිවීමට පෙර මරා දමන බවට” තර්ජනය කර ඇති බව පොලිසිය පවසයි.
මෙම තර්ජනයත් සමඟ සභාපතිවරයා වහාම පොලිස් හදිසි ඇමතුම් අංශය (119) දැනුවත් කර ඇති අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ හොරණ මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගොස් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
අදාළ දුරකථන ඇමතුම ලබාගත් පුද්ගලයාගේ අනන්‍යතාව හෙළි කරගැනීම සඳහා දුරකථන අංකය සහ ඇමතුම් වාර්තා ඔස්සේ තාක්ෂණික විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කළේය.
එමෙන්ම සභාපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද පොලිසියේ අවධානය යොමුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
මේ පුවත තව අයට බලන්න







