Home Local News Room : කංජිපානි මෙරට පාතාලය අතට ගනී… කොටු කර දෙන්නැයි විදෙස්ගත...

News Room : කංජිපානි මෙරට පාතාලය අතට ගනී… කොටු කර දෙන්නැයි විදෙස්ගත ලාංකිකයන්ට කියයි ~

0
0
මනුෂ්‍ය ඝාතන ඇතුළු දරුණු ගණයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන ‘කංජිපානි ඉම්රාන්’ නමැත්තා ජාත්‍යන්තර පොලිසිය මගහරිමින් යුරෝපා රටක සැඟව සිට මෙරට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු අනාවරණය වී තිබේ.

බුද්ධි අංශ වාර්තා පෙන්වා දෙන්නේ 2019 වසරේදී ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි මොහු, 2021 වසරේදී ඇප මත මුදාහැරීමත් සමඟ මෙරටින් පලා ගොස් ඇති බවයි.

එතැන් පටන් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර භාවිත කරමින් විවිධ දේශසීමා හරහා සැරිසරන ඔහු, මේ වන විට ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන සහ මහා පරිමාණ මාෆියා කල්ලි සමඟ සබඳතා පවත්වන බවට බරපතළ බුද්ධි තොරතුරු ලැබී ඇත.

විදෙස්ගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවමින් ජාතික ආරක්ෂාවට සහ සාමයට තර්ජනයක් වන අයුරින් කටයුතු කරන මෙම අපරාධකරු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ ඉල්ලීම මත ජාත්‍යන්තර පොලිසිය (Interpol) විසින් 2024 අගෝස්තු 02 වැනිදා ‘A-888’ අංකය යටතේ රතු වරෙන්තුවක් ද නිකුත් කර තිබේ.

කෙසේ වෙතත්, ඔහු නිරන්තරයෙන් සිය වාසස්ථාන මාරු කරමින් ආරක්ෂක අංශ මගහරිමින් සිටින බව විමර්ශන නිලධාරීහු පවසති.

මෙම අපරාධකරු හෝ ඔහුගේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ යම් තොරතුරක් වෙතොත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් ඒකකය වෙත හෝ අදාළ රටවල ජාත්‍යන්තර පොලිස් ඒකක වෙත දැනුම් දෙන ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් බලධාරීහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here