Home Local News Room : පොලිසියේ පීඩනය ගැන මෛත්‍රී ඉන්න තැන හිටපු පොලිස්පති සී.ඩී...

News Room : පොලිසියේ පීඩනය ගැන මෛත්‍රී ඉන්න තැන හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න රංග කලන්සූරියට කියපු අමුතු කතාව! ~

0
0
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ ආචාර්ය රංග කලන්සූරිය මහතා අතර සිදූ වූ හමුවක් පිළිබඳව සිය ෆේස්බුක් පිටුවේ සටහනක් රංග කලන්සූරිය මහතා තබා තිබෙනවා.

එම සටහනට අනුව මීට සති කිහිපයකට පෙර සී.ඩී වික්‍රමරත්න මහතා රංග කලන්සූරිය මහතාගේ නිවසට පැමිණ ඇති බව සඳහන්

මෙම අවස්ථාවේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පැමිණ තිබෙනවා

මෙම පිරිසගේ කතා බහ අතර පොලිසයේ රාජකාරීය පිළිබඳ ප්‍රශ්නයක් සී.ඩී වික්‍රමරත්න විසින් අසා ඇති අතර එයට පිළිතුරු වශයෙන් “අපි තමයි සමාජයෙ ප්‍රෙෂර් රිලීස් වෑල් එක” යනුවෙන් ද ප්‍රකාශ කර ඇති බව සඳහන්

උපුටා ගැනීම

මීට සති කීපයකට කලින් අපේ ගෙදර ආවා කයියක් ගහන්න ඕනෙ කියලා. ඒ අතරෙ නොදන්වාම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් ගොඩ වැදුනා. පැය ගානක රස සාගරයක් උනා. පෙරේදා හවස කතා කරලා කඩවර කංකාරියට එන්න ඕනෙ වෙලාව අහලා එන බවට පොරොන්දු උනා. මගෙ සමීපතම මිත්‍රයා, චන්දන වික්‍රමරත්න, මෙහෙම යයි කියලා හීනෙන්වත් හිතුනෙ නැහැ.

ප.ලි. – මේ කතාව අතරතුර මගෙන් මරු කතාවක් ඇහුවා.

“රංග දන්නවද පොලීසියේ රාජකාරිය මොකක්ද කියලා?”

“රටේ නීතිය සාමය ආරක්ෂා කරන එකනෙ”

“පිස්සුද? පොලිසියේ රාජකාරිය බැණුම් අහන එක. අපි තමයි සමාජයෙ ප්‍රෙෂර් රිලීස් වෑල් එක. අපි බැනුම් අහුවෙ නැත්නම් පීඩනය වෙන පැත්තකින් පිට වෙනවා,” එදා චන්දන කිව්වා.

ඇත්තෙන් ම ඔහු අරගලයේ පොලිස්පතියි

උපුටා ගැනීම අවසන්

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here