Home Local News Room : රටේ තීරණාත්මක නඩුවලට අදිසි හස්තයක් බලපෑම් කරනවාද… X-Press Pearl...

News Room : රටේ තීරණාත්මක නඩුවලට අදිසි හස්තයක් බලපෑම් කරනවාද… X-Press Pearl වන්දි නඩුව නවත්වන්න නීතිපතට බලපෑම් කළේ කවුද…! ~

0
0
22 වන සංශෝධනය ඔස්සේ රටේ ඒකීයභාවය, බුද්ධ ශාසනය සහ අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම විනාශ වන තැනට තල්ලු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි. මෙරට තීරණාත්මක නඩු තීන්දු සම්බන්ධයෙන් කවුරුන් හෝ මැදිහත් වනවා ද යන සැකය මතුවන බවත් X-Press Pearl නැවේ වන්දි නඩුව නැවැත්වීම සඳහා නීතිපතිවරයාට බලපෑම් කර මැදිහත් වූයේ කවුරුන්ද යන්න පිළිබඳ ගැටලුවක් පවතින බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

22 වන සංශෝධනය සම්බන්ධයෙන් අද වන විට ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ගැනීමට දෙයක් නොමැති තත්ත්වයක් උදාවී ඇති බවත් අධිකරණයේ පවතින පුරප්පාඩු ගණනාවක් සඳහා පත් කිරීම් සිදු කිරීමට ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

පළාත් මට්ටමින් අධිකරණ පිහිටුවීමට යාමෙන් බලය බෙදීමේ ප්‍රශ්න ඇති විය හැකි අතර එකිනෙක පළාත් අතර අභියාචනා තීන්දු අර්ථකථනය වෙනස් වී අර්බුද මතු විය හැකි බවටද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අනතුරු අඟවයි.

ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දයාසිරි ජයසේකර මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here