අගවිනිසුරුවරයාගේ ඇතැම් ප්‍රකාශ සහ හැසිරීම් විවේචනයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.
සභාව අමතමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ අධිකරණයේ ස්වාධීනත්වය සහ ගෞරවය රැකගත යුතු ඉහළම නිලධාරියා මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම මගින් අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය පළුදු විය හැකි බවයි.
“අගවිනිසුරුවරයා කියනවා හැමෝටම යාඥා කරන්න කියලා. මට තියෙන ප්රශ්නය ඔහු අගවිනිසුරුද නැත්නම් පාස්ටර් කෙනෙක්ද කියන එකයි. අධිකරණය ක්‍රියාත්මක විය යුත්තේ නීතිය සහ ව්‍යවස්ථාව මත මිස මෙවැනි පෞද්ගලික විශ්වාසයන් මත නොවෙයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
අධිකරණ ක්‍රියාවලිය තුළ ආගමික හෝ පෞද්ගලික මතවාදයන්ට වඩා නීතියේ ආධිපත්‍යය සහ ව්‍යවස්ථාපිත රාමුව සුරක්ෂිත කිරීමේ වැදගත්කම දයාසිරි ජයසේකර මහතා මෙහිදී අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න







