Home Local News Room : හෝටලක් හා කොළඹ හතේ ගෙයක් නාමල්ගේ කියා ව්‍යාපාරිකයෙකුගෙන් පොලිසියට...

News Room : හෝටලක් හා කොළඹ හතේ ගෙයක් නාමල්ගේ කියා ව්‍යාපාරිකයෙකුගෙන් පොලිසියට ප‍්‍රකාශයක්! ~

0
0

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා (21) කොළඹ පිහිටි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත පැමිණ පැය හයක පමණ කාලයක ප්‍රකාශයක් ලබා දී ඇත.

ඒ සිදු කරමින් ඇති විමර්ෂණයකට අදාලය ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කරන ලද කැඳවීමකට අනුවය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, තමන්ට එරෙහිව එල්ල වන දේපළ චෝදනා සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ද මෙරට මෙන්ම විදේශයන්හි පිහිටි විවිධ සුඛෝපභෝගී හෝටල් තමන් සතු බවට අසත්‍ය ප්‍රචාර පැතිර ගිය බව ඔහු මෙහිදී සිහිපත් කළේය.

“එදා ඩුබායි මැරියට් හෝටලය, වැලිගම හෝටලය මගේ කිව්වා. අදත් යම් මහත්මයෙකුගේ හෝටලයක් සහ කොළඹ 07 පිහිටි නිවසක් මගේ කියලා කියනවා. ඇත්තටම ඒවා මගේ නම්, නවාතැන් පහසුකම් ගැටලු පවතින සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දරුවන්ට ඒවා ලබාදෙන්න පුළුවන්,” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර තිබූ අතර, ඒ සඳහා පෙනී සිටීමෙන් අනතුරුව ඔහු එම පරිශ්‍රයෙන් පිටව ගියේය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here