ශ්‍රී ලංකාව වෙත උදර්පණය කරගැනීමේදී නීතිමය බාධා රැසක් මතුව ඇති බවත්, ඒ හේතුවෙන් ඔහුව මෙරටට ගෙන ඒම සඳහා වෙනත් නීතිමය ක්‍රියාමාර්ග සහ උපක්‍රම පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සිංගප්පූරු පුරවැසිභාවය හිමි අර්ජුන මහේන්ද්‍රන් එහි පදිංචිව සිටින අතර, එරට පවතින නීතිමය තත්ත්වය මත සිංගප්පූරු පුරවැසියෙකු වෙනත් රටකට උදර්පණය කිරීමේ හැකියාවක් නොමැති බවයි.
කෙසේ වෙතත්, අදාළ බැඳුම්කර නඩු කටයුත්ත මේ වන විටත් අධිකරණයේ විභාග වෙමින් පවතින බවත්, එමඟින් කරුණු රැසක් හෙළිදරව් වෙමින් පවතින බවත් සඳහන් කළ අමාත්‍යවරයා, මහේන්ද්‍රන් මෙරටට ගෙන ඒමට අවශ්‍ය පියවර අඛණ්ඩව ගන්නා බව වැඩිදුරටත් පැවසීය.
2015 වසරේ සිදුවූ මෙම මහ බැංකු බැඳුම්කර වංචාවෙන් රජයට රුපියල් බිලියන 10කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව ලබන ඔක්තෝබර් 30 වැනිදා නැවත කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කර ඇත.
එහිදී අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් වන සිතාසි නිසි පරිදි ක්‍රියාත්මක කර ඒ පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට උපදෙස් දී තිබේ.
මේ පුවත තව අයට බලන්න







