Home Local News Room : නඩු 7550ක් පමා කරන්න මම නිලධාරීන්ට උපදෙස් දුන්නා…! –...

News Room : නඩු 7550ක් පමා කරන්න මම නිලධාරීන්ට උපදෙස් දුන්නා…! – ඇමති සමන්ත විද්‍යාරත්න… ~

0
0
මලයගම් ප්‍රජාව වසර දෙසීයක් තිස්සේ රටට ඩොලර් බිලියන 300ක් ගෙනැවිත් දී ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට තෙල් බෙහෙත් පොහොර ගෙන ආවේ එම මුදලින් බවද ඔහු පෙන්වා දෙයි.

වතු සමාගම් සිය ඉඩම් අනවසරයෙන් අල්ලා ගෙන ඇතැයි නඩු පැවරීමට සිය අමාත්‍යංශයට දන්වන බවද ඇමතිවරයා සඳහන් කරයි.

එහෙත් මේ ජනතාව එළියට දැමීමට නොහැකි නිසා නඩු පමා කරන ලෙස නිලධාරීන්ට දැනුම් දී ඇති බවද ඇමති සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරයි.

මේ වන විට එලෙස නඩු 7550ක් හිරකරගෙන සිටින බවත් වතු සමාගම් බලපෑම් කරන විට ඉන් කිහිපයක් දමන බවත් හෙතෙම අවධාරණය කරයි.

ඇමති සමන්ත විද්‍යාරත්න මේ බව සඳහන් කළේ, ඉන්දියානු ආධාර යටතේ ඉදිකළ නිවාස 50කින් සමන්විත නවෝද්‍යාපුරම් නිවාස ව්‍යාපෘතිය උඩරට දෙමළ ජනතාවට ප්‍රදානය කිරීමේ අවස්ථාවට එකතු වෙමිනි.

-emanisa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here