ව්‍යාපාරවල ආයෝජනය කරන බව පවසා කෝටිපති ව්‍යාපාරිකයන් රවටා මුදල් වංචා කිරීමේ චෝදනා ලබා දැනට ඇප මත මුදාහැර සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
ඇයට එරෙහිව පැවැති නඩුව අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී සැකකාරිය විවෘත අධිකරණයේ පෙනීනොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.
එහිදී සැකකාරිය නොමැතිව නඩුව 192 පියවර යටතේ ඉදිරියට මෙහෙයවන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරිණි.
මීට අමතරව, තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් ඇප වූ ඇපකරුවන්ටද ඉදිරි දිනයේදී අධිකරණයේ පෙනීසිටින ලෙස දක්වමින් නොතීසි නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගත් අතර, අදාළ නඩු විභාගය ලබන නොවැම්බර් මස 17 වන දින දක්වා කල්තබා ඇත.
මේ පුවත තව අයට බලන්න







