ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් (12) අනුරාධපුර නගරයේදී පැවැත්වීමට නියමිත ජනසටන ජනරැලිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් සිදු කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ඩී.වී චානක මහතා පැවසීය.
පසුගිය කාලය පුරාවට ආණ්ඩුව ගොවි මහත්වරුන්ට හා ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමට විරෝධය පල කරමින් සහ එම පොරොන්දු ආණ්ඩුව ලවා ඉටුකරවා ගැනීමට බල කරමින් මෙම ජනසටන රැළිය අනුරාධපුර නගරයේ පැවැත්වෙන බවත් ඩී.වී චානක මහතා වැඩිදුරටත් පැවසීය.
මේ පුවත තව අයට බලන්න







