Home Local News Room : ශිරන්ති හිර වෙයි.. බදු වංචා කර බස් ගෙන්නලා.. ලලිත්...

News Room : ශිරන්ති හිර වෙයි.. බදු වංචා කර බස් ගෙන්නලා.. ලලිත් වීරතුංගත් ගෑවේ.. ~

0
0
 
ක්‍රීඩා අමා­ත්‍යාං­ශ­යට අවශ්‍ය බස් රථ ආන­ය­නය කරන මුවා­වෙන් රුපි­යල් කෝටි ගණ­නක් වටිනා තීරු­බදු කපා හැර ආන­ය­නය කරන ලද සුඛෝ­ප­භෝගී බස් රථ දෙකක් හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­ප­ක්ෂගේ බිරිය වන ශිරන්ති රාජ­පක්ෂ යටතේ පව­ත්වා­ගෙන යන කාල්ටන් පෙර පාස­ලට දීමෙන් සිදු කරන ලද දූෂණ හා මූල්‍ය අක්‍ර­මි­කතා සම්බ­න්ධ­යෙන් අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාව සහ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ඒකා­බද්ධ විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබේ.

මෙතෙක් කරන ලද විම­ර්ශන මඟින් අනා­ව­ර­ණය වූ කරුණු අනුව අප­රාධ චෝදනා ගොනු කිරී­මට ප්‍රමා­ණ­වත් කරුණු ඇති බවට නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව දුන් උප­දෙස් අනුව පොලිස් මූල්‍ය විම­ර්ශන ඒක­කය මඟින්ද මේ අක්‍ර­මි­කතා සම්බ­න්ධ­යෙන් විධි­මත් විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇත.

එසේම සිරි­ලිය පද­නම හෙවත් සිරි­ලිය සවිය ජනා­ධි­පති කාර්යා­ලය යටතේ පව­තින කාන්තා සංවි­ධා­න­යක් බවට ඒත්තු ගන්වා මේ මූල්‍ය අක්‍ර­මි­ක­තාව සිදු කර ඇති බැවින් හිටපු ජනා­ධි­පති ලේක­ම්ව­ර­යකු වන ලලිත් වීර­තුංග හා ජනා­ධි­පති ලේකම් කාර්යා­ලයේ අති­රේක ලේක­ම්ව­ර­යකු ලෙස කට­යුතු කළ පුද්ග­ල­යකු සම්බ­න්ධ­යෙන්ද එම­ඟින් විම­ර්ශ­නය කර­මින් පවතී.

මේ අතර මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­පති ධුරය දැරූ සම­යේදී ජාතික ඉති­රි­කි­රීමේ බැංකු­වෙන් දුන් රුපි­යල් ලක්ෂ සීයක මුද­ලක් සිරි­ලිය පද­නම මඟින් අව­භා­විත කිරී­මක් සම්බ­න්ධ­යෙන්ද මූල්‍ය විම­ර්ශන ඒක­කය මඟින් වෙනම පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර තිබේ. 

සිරි­ලිය පද­නම විසින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහ­ලට සී.ටී ස්කෑනර් යන්ත්‍ර­යක් පරි­ත්‍යාග කිරී­මට අවශ්‍ය බව පෙන්වා දෙමින් ඉදි­රි­පත් වූ ලිපි­යක් අනුව විධි­මත් අයු­රින් කරුණු සොයා­බැ­ලී­ම­කින් තොරව එව­කට ජාතික ඉති­රි­කි­රීමේ බැංකුවේ සභා­ප­ති­ව­රයා විසින් දෙන ලද වාචික උප­දෙස් අනුව එකී මුදල සිරි­ලිය පද­න­මට පරි­ත්‍යාග කොට ඇති බවත් එකී මුද­ලින් මිල දී ගත් බව අඟවා හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­ප­ක්ෂගේ පුත්‍ර­ය­කුගේ උප­න්දි­නය නිමි­ත්තෙන් එම සී.ටී. ස්කෑනර් යන්ත්‍රය රෝහ­ලට පරි­ත්‍යාග කොට ඇති බවත් අනා­ව­ර­ණය වී තිබේ.

කෙසේ වෙතත් සැබැ­වින්ම එම ස්කෑනර් යන්ත්‍රය ලැබී ඇත්තේ චීන රජය විසින් ලංකා රජ­යට දුන් ආපසු ගෙවිය යුතු බැඳු­ම්කර ණය මුද­ලක් උප­යෝගි කර­ගෙන වන බැවින් ඒ සම්බ­න්ධ­යෙන්ද නීති­ප­ති­ව­රයා උප­දෙස් දී ඇති අතර, සිරි­ලිය පද­නමේ සභා­පති ශිරන්ති රාජ­පක්ෂ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩ­ලය මෙන්ම ජාතික ඉති­රි­කි­රීමේ බැංකුවේ සභා­ප­ති­ව­රයා ලෙස කට­යුතු කළ ප්‍රදීප් කාරි­ය­ව­සම් ඇතුළු වග­කිව යුත්ත­න්ගෙන් ප්‍රකාශ ගෙන විම­ර්ශන පවත්වා අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කිරී­මට මූල්‍ය විම­ර්ශන ඒක­කය පිය­වර ගනි­මින් සිටියි.

ජාතික ඉති­රි­කි­රීමේ බැංකුවේ හිටපු සභා­පති කාරි­ය­ව­සම් ඇතුළු පිරි­සෙන් මේ දක්වා ගත් ප්‍රකාශ නීති­පති දෙපා­ර්ත­මේ­න්තු­වට දී ඇති අතර, එහිදී ඉදිරි නෛතික පිය­වර ගැනීම සඳහා අති­රේක සොලි­සි­ටර් ජන­රාල් දිලීප පීරිස් ඇතුළු නීති­පති දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධාරි කණ්ඩා­ය­මක් ඒ ප්‍රකාශ සට­හන් අධ්‍ය­ය­නය කර­මින් සිටිති.

– Silumina

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here