Home Local News Room : යළිත් LTTE නැගිට්ටවන මහින්ද ඇතුළු පිරිසට වැඩ වරදී! ~

News Room : යළිත් LTTE නැගිට්ටවන මහින්ද ඇතුළු පිරිසට වැඩ වරදී! ~

0
0
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගියදා අනුරාධපුරයේදි පැවැත්වු රැස්වීමේදී තහනම් ත්‍රස්තවාදි සංවිධානයක් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව විමර්ශනයක් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය විසින් පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත.

ඒ අනුව තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කළ බවට චෝදනා කරමින්, ඊට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා සහ එම රැළියේ සංවිධායකයන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

අනුරාධපුරයේ පැවති ජන රැළියේදී යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා වේදිකාවට නැග තමන් කොටි සංවිධානයේ සාමාජිකයෙකු බවත් එය ප්‍රවර්ධනය කිරීම සඳහා තමන් පෙනී සිටින බවට ඉතා පැහැදිලිව ප්‍රකාශ කළ බව ඒකාබද්ධ විපක්ෂයේ සම කැඳවුම්කරු නිරුක්ෂ කුමාර සඳහන් කරයි.

LTTE සංවිධානය මුළුමනින්ම පරාජය කර රට තුළ සාමය ස්ථාපිත කර ඇති පසුබිමක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ගැසට් නිවේදන මඟින් තහනම් කර ඇති ත්‍රස්තවාදී සංවිධානයක් ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කිරීම බරපතළ වරදක් බවත් එය රටේ මූලික නීතිය උල්ලංඝනය කිරීමක් බවද සම කැඳවුම්කරු නිරුක්ෂ කුමාර සඳහන් කරයි.

තවද, ත්‍රස්තවාදී සංවිධානයක් ප්‍රවර්ධනය කිරීමට සහ ඒ වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකුට අදහස් දැක්වීම සඳහා වේදිකාව සකස් කර දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු එම රැළිය සංවිධානය කළ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසද පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටි බව සම කැඳවුම්කරු නිරුක්ෂ කුමාර සඳහන් කරයි.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here