යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අපට ඊළම එපා යැයි ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ වහා ඔහු කොටි ත්‍රස්තවාදියකු ලෙස හංවඩු ගසමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසයි.
ඊළම ඕන යැයි කියන විට අර්චුනා රාමනාදන්, ජනාධිපති අනුර දිසානායක හොඳ වුවද ඊළම එපා යැයි කියන විට එය ප්‍රශ්නයක් වී ඇතැයි ඇතැයි මන්ත්‍රීවරයා චෝදනා කරයි.
රාමනාදන් අර්චුනා පොහොට්ටු ජනරැලියට එකතු වීම වැළැක්වීම සඳහා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දස දෙනෙකු පමණ ඔහුට පිං සෙණ්ඩු වී ඇතැයිද ඔහු අනාවරණය කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර ජනරැලියට පැමිණ රාමනාදන් අර්චුනා තහනම් සංවිධානයක් ප්‍රවර්ධනය කළ බවට ගොනුකර ඇති පැමණිල්ලක් පිළිබඳ අදහස් දක්වමින් ඩී.වී. චානක මේ බව කීය.
-emanisa







