කොළඹ නගරයට පෙරේදා (15 වැනිදා) ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ දිසා අධිකරණයේ නඩු ගොනු රැසක් තෙමී ඇතැයි වාර්තා වේ. ඉපැරැණි අධිකරණ ගොඩනැගිල්ලක් වන කොළඹ දිසා අධිකරණ ගොඩනැගිල්ලේ කොටසක් ඉකුත්දා කඩා වැටුණු අතර, අනතුරුව නඩු ගොනු කන්ටේනර් බහාලුම්වල දමා තිබියදී එලෙස වර්ෂාවට හසුව ඇතැයි ද පැවසේ.
එලෙස තෙතබරිත වූ නඩු ගොනු අව්වේ දමා වියළා ගැනීමට එහි සේවකයන් කටයුතු කර ඇති බවද වාර්තා වේ.
මූලාශ්රය – අරුණ
මේ පුවත තව අයට බලන්න







