Home Local News Room : රජයට විරුද්ධ වෙන්න ඕනෑ තරම් කරුණු තිබියදී විපක්‍ෂ නායක...

News Room : රජයට විරුද්ධ වෙන්න ඕනෑ තරම් කරුණු තිබියදී විපක්‍ෂ නායක එය නොකරන්නේ ඇයි කියා හිතාගන්න බෑ – කොළඹ UN ප‍්‍රධානී ~

0
0
මෙරට නීති සම්පාදන ක්‍රියාවලියේ සහ ප්‍රතිපත්ති සම්පාදනයේ බරපතළ අඩුපාඩු රැසක් පවතින බවත්, බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් වන පනත් කෙටුම්පත් නිසි ලෙස කියවා අධ්‍යයනය නොකරම ඡන්දය භාවිත කරන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්ච් මහතා අනාවරණය කරයි.

කොළඹදී සිවිල් සමාජ නියෝජිතයන් පිරිසක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මෑතකදී සම්මත වූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්මත වීමෙන් අනතුරුව, ඊට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන් ඇතුළුව මන්ත්‍රීවරුන් 45 දෙනෙකු පමණ සමඟ තමන් සාකච්ඡා කළ බවයි.

කෙසේ වෙතත්, එම මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් අදාළ පනත් කෙටුම්පත කියවා හෝ නොතිබූ අතර, තමන් ඡන්දය ලබා දුන්නේ කුමන කරුණු සඳහා දැයි ඔවුන් නිසි ලෙස දැනුවත්ව නොසිටි බව හෙතෙම සඳහන් කළේය.

ජනතාව විසින් පත්කර පාර්ලිමේන්තුවට යැවූ මන්ත්‍රීවරුන් එම මූලික වගකීම හෝ ඉටු නොකරන්නේ නම් ඔවුන් මන්ත්‍රී ධුර දැරීමෙන් පලක් නොවන බව ද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම, මෙරට විපක්ෂ නායකවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව ද අදහස් දැක්වූ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා මෙසේ ද පැවසීය.

“මෑතකදී මම විපක්ෂ නායකවරයා හමුවී රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එහිදී මට පැහැදිලි වුණා රජයේ ක්‍රියාමාර්ග විවේචනය කිරීමට හෝ විරුද්ධ වීමට ඔහු සතුව ඕනෑ තරම් ප්‍රමාණවත් කරුණු තිබෙන බව. එසේ තිබියදීත්, ඔහු එම කරුණු කෙරෙහි නිසි අවධානයක් යොමු නොකරන්නේ මන්දැයි මට තේරුම් ගන්න බැහැ.”

සිවිල් සමාජය සහ දේශපාලන අධිකාරිය අතර පවතින සම්බන්ධතාව බිඳවැටී ඇති බව පෙන්වා දුන් ෆ්‍රැන්ච් මහතා, ලොව සාර්ථක වූ වෙනත් රටවල සිවිල් සමාජය සහ දේශපාලන ක්‍රමය යා කරමින් ශක්තිමත් පාලමක් පැවති බව සිහිපත් කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනය හරහා ඇතැම් අවස්ථාවලදී ජනතාවට අහිතකර සහ අප්‍රසන්න නීති බිහිවන්නේ මෙම සමස්ත ක්‍රියාවලියේ පවතින දුර්වලතා හේතුවෙන් බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here