Home Local News Room : තියෙන ප්‍රශ්න වලින් බේරෙන්න සජිත් ආණ්ඩුවේ අවශ්‍යතාව ඉටු කරනවා.....

News Room : තියෙන ප්‍රශ්න වලින් බේරෙන්න සජිත් ආණ්ඩුවේ අවශ්‍යතාව ඉටු කරනවා.. අපිට සැකයි – සාගර කාරියවසම් ~

0
0
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට තියෙන ප්‍රශ්න වලින් බේරෙන්න ආණ්ඩුවේ අවශ්‍යතාවයක් ඉටු කරනවාද යන්න සැකයක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම්, නීතීඥ සාගර කාරියවසම් සඳහන් කරයි.

මහලේකම්, නීතීඥ සාගර කාරියවසම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,

“අපි ලෑස්ති වෙලා හිටියේ විරෝධතාවයට සම්බන්ධ වෙන්න. නමුන් අවාසනාවන්ත ආකාරයට සමගි ජන බලවේගය ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කරා විපක්ෂයේ අනෙකුත් පක්ෂ සම්බන්ධ විය යුතු නෑ කියන කාරණය.

ඉතිං එහෙම තත්ත්වයක් යටතේ අපිට ආත්ම ගරුත්වයක් තියාගෙන එතනට යන්න බෑ. නමුත් අපි හිතනවා මේක, විපක්ෂයේ නෙමෙයි සමස්ත රටේ විරෝධතාවයක් විය යුතුයි. ඒක සමගි ජන බලවේගයේ විරෝධතාවයක් විය යුතු නෑ. කෙසේ වුවත් අපි ප්‍රර්ථනා කරනවා විරෝධතාවය සාර්ථක වේවා කියලා.”

“සමගි ජන බලවේගයේ සාකච්ඡාව අවසන් වෙලා එක් මන්ත්‍රීවරයෙක් එළියට ඇවිත් ප්‍රකාශයක් කරා. ඒ ප්‍රකාශයට විරුද්ධව අද වෙනකල් විපක්ෂ නායකවරයා හෝ වෙනත් කිසිම පක්ෂයේ මන්ත්‍රීවරයෙක් එම ප්‍රකාශය හෙලා දැකලා හෝ ප්‍රකාශය වැරදි කියලා ප්‍රකාශ කරලා නැ.

එතකොට මේකෙන් අපිට පෙනී යන්නේ මෙය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අවශ්‍යතාවය මත කරන ප්‍රකාශයක්. ඉතිං විපක්ෂයේ අපිට පොඩි සැකයක් තියෙනවා, සජිත් ප්‍රේමදාස මහත්තයා ඉටු කරන්නේ ආණ්ඩුවේ අවශ්‍යතාවයක් ද කියන කාරණය සම්බන්ධයෙන්. මොකද එතුමාට තියෙන ප්‍රශ්න වලින් බේරෙන්න එතුමා මෙහෙම දෙයක් කරනවාද දන්නේ නෑ.“

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here