එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ දිවංගත පාලිත තෙවරප්පෙරුම මහතාගේ බිරිඳ වන ශෙරීන් තෙවරප්පෙරුම මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඇයගේ දේහය මතුගම යටදොළවත්තේ පිහිටි තෙවරප්පෙරුම මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු මතුගමදී සිදුකිරීමට නියමිතව තිබෙනවා.
පාලිත තෙවරප්පෙරුම මහතාගේ ජීවිතයේත්, ඔහුගේ සමාජ හා දේශපාලන කටයුතුවලත් පිටුපස සිටි යෝධ ශක්තිය මෙන්ම සෙවණැල්ල වූයේ ඇයයි.
ඔහුගේ සෑම ගමනකදීම ඉවසීමෙන් සහ කැපවීමෙන් ඔහුට ශක්තියක් වෙමින් සිටි ඇයගේ ඒ මෙහෙවර සැබවින්ම අගය කළ යුතු වනවා.
මේ පුවත තව අයට බලන්න







