Home Local News Room : ප්‍රගීත් එක්නැලිගොඩ ගැන කියන්න සුරේෂ්⁣ සලේ අධිකරණයට! ~

News Room : ප්‍රගීත් එක්නැලිගොඩ ගැන කියන්න සුරේෂ්⁣ සලේ අධිකරණයට! ~

0
0
පැහැරගෙන ගොස් අතුරුදන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධ නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ (09) දින විභාගයට ගත්තේය. එහිදී මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානී තුවාන් සුරේෂ් සලේව ඉදිරි නඩු දිනයේදී කැඳවීමට පියවර ගන්නා බව පැමිණිලි පාර්ශවය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දුන් බවට වාර්තා වේ.

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සිව්වන සාක්ෂිකරු වන සුමතිපාල සුරේෂ් කුමාර නොහොත් මුරලි යන අයගේ සාක්ෂිය නැවත කැඳවීම (09) කොළඹ තිපුද්ගල මහාධිකරණය හමුවේ සිදුවිය.

මෙම නඩුව සභාපති විනිසුරු නයනා සෙනෙවිරත්න, නලින් හේවාවසම්, ලක්මාලි හේවාවසම් යන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගනු ලැබුවේය.

වැඩිදුර නඩු විභාගය ලබන (16) වැනිදා පැවැත්වීමට නියමිත අතර එදිනට 53 සහ 98 යන සාක්ෂිකරුවන් කැඳවීම සඳහා නොතීසි නිකුත් කර ඇත.

ප්‍රගීත් එත්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ චෝදනා ලබා ඇති සැකකරුවන් පහතින්..

ප්‍රධාන චූදිතයා වන හිටපු ලුතිනන් කර්නල්වරයෙකු සහ ගිරිතලේ හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා බ්‍රිගේඩියර් ශම්මි අර්ජුන කුමාරරත්න

පැහැර ගැනීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටින ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන

එම සිද්ධිය වන අවස්ථාවේ හිටපු මේජර්, ලුතිනන් කර්නල් ටී.ඊ.ආර්. (එරන්ත) පීරිස්

හමුදා බුද්ධි අංශයේ සාමාජික ඩබ්ලිව්.ඩී. උපසේන (නොහොත් සුරේෂ්)

හමුදා බුද්ධි අංශයේ සාමාජික ආර්.එම්.පී.කේ. රාජපක්ෂ (නොහොත් නාඩන්)

හමුදා බුද්ධි අංශයේ සාමාජික එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (නොහොත් රංජි)

හමුදා බුද්ධි අංශයේ සාමාජික චමින්ද කුමාර අබේරත්න

හමුදා බුද්ධි ඒකකයේ සාමාජික කණිෂ්ක ගුණරත්න

හමුදා බුද්ධි ඒකකයේ සාමාජික අයියසාමි බාලසුබ්‍රමනියම්

හමුදා බුද්ධි ඒකකයේ සාමාජික තරංග ප්‍රසාද් ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here