මහා සංඝරත්නයේ ප්රමුඛත්වයෙන් සහ සහභාගිත්වයෙන් ආරම්භ වූ මෙම පාද යාත්රාව ඉදිරි දින කිහිපය පුරා ප්රධාන නගර කිහිපයක් ඔස්සේ ගමන් කරමින් කොළඹ දක්වා පැමිණීමට නියමිතය.
සිරගත කරනු ලබන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් පවතින නෛතික තත්ත්වයන් මෙන්ම, අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සිවුර ඉවත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව මහා සංඝරත්නයේ දැඩි විරෝධය පළ කිරීම මෙහි මූලික අරමුණක් වී තිබේ.
සංවිධායකයන් දැනුම් දෙන පරිදි ඉදිරි දිනවල පාද යාත්රාව ගමන් ගන්නා කාලසටහන මෙසේය.
*ඔක්තෝබර් 10 : මහනුවර සිට කඩුගන්නාව දක්වා
*ඔක්තෝබර් 11 : කඩුගන්නාව සිට කෑගල්ල දක්වා
*ඔක්තෝබර් 12 : කෑගල්ල සිට වරකපොල දක්වා
*ඔක්තෝබර් 13 : වරකපොල සිට නිට්ටඹුව දක්වා
*ඔක්තෝබර් 14 : නිට්ටඹුව සිට කඩවත දක්වා
*ඔක්තෝබර් 15 : කඩවත සිට කොළඹ දක්වා
ඒ අනුව, ලබන 15 වන දින පාද යාත්රාව කොළඹට ළඟා වීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ ප්රධානත්වයෙන් ජාතික විරෝධතාවක් සහ විශේෂ අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
මේ පුවත තව අයට බලන්න







