Home Local News Room : ‘සිවුරට යුක්තිය’ ඤනසාර හිමි වෙනුවෙන් මහනුවරින් පා ගමනක්… දින...

News Room : ‘සිවුරට යුක්තිය’ ඤනසාර හිමි වෙනුවෙන් මහනුවරින් පා ගමනක්… දින පහකින් කොළඹට! ~

0
0
බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීම සහ මෙරට භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු “සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව” සහ “නිදහසේ පාද යාත්‍රාව” අද (10) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව අභියසින් ආරම්භ විය.

මහා සංඝරත්නයේ ප්‍රමුඛත්වයෙන් සහ සහභාගිත්වයෙන් ආරම්භ වූ මෙම පාද යාත්‍රාව ඉදිරි දින කිහිපය පුරා ප්‍රධාන නගර කිහිපයක් ඔස්සේ ගමන් කරමින් කොළඹ දක්වා පැමිණීමට නියමිතය.

සිරගත කරනු ලබන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් පවතින නෛතික තත්ත්වයන් මෙන්ම, අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සිවුර ඉවත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව මහා සංඝරත්නයේ දැඩි විරෝධය පළ කිරීම මෙහි මූලික අරමුණක් වී තිබේ.

සංවිධායකයන් දැනුම් දෙන පරිදි ඉදිරි දිනවල පාද යාත්‍රාව ගමන් ගන්නා කාලසටහන මෙසේය.

      *ඔක්තෝබර් 10 : මහනුවර සිට කඩුගන්නාව දක්වා

      *ඔක්තෝබර් 11 : කඩුගන්නාව සිට කෑගල්ල දක්වා

      *ඔක්තෝබර් 12 : කෑගල්ල සිට වරකපොල දක්වා

      *ඔක්තෝබර් 13 : වරකපොල සිට නිට්ටඹුව දක්වා

      *ඔක්තෝබර් 14 : නිට්ටඹුව සිට කඩවත දක්වා

      *ඔක්තෝබර් 15 : කඩවත සිට කොළඹ දක්වා

ඒ අනුව, ලබන 15 වන දින පාද යාත්‍රාව කොළඹට ළඟා වීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජාතික විරෝධතාවක් සහ විශේෂ අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here