Home Local News Room : “ජීවනෝපායක් සොයා රට හැර යන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට තමන්...

News Room : “ජීවනෝපායක් සොයා රට හැර යන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට තමන් තනිවී ඇතැයි සිතන්න එපා…” – අනෝජන්ගේ මරණ දඩුවම ඉවත් කිරිමේ තින්දුව පිළිගනිමින් ජනපති අනුර කියයි ~

0
0
සවුදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලාංකික ජාතික අනෝජන් සිවරාසට නියම කර තිබූ මරණ දඬුවම ඉවත් කිරීමේ තීරණය තමා පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා X (ට්විටර්) සටහනකින් පවසා තිබේ.

මෙය අනෝජන්ට, ඔහුගේ පවුලට සහ ඔහුගේ නඩුව ගැන දැඩි සැලකිල්ලෙන් අවධානය යොමු කළ සියලුම ශ්‍රී ලාංකිකයන්ට විශාල සහනයක් බව ජනාධිපතිවරයා සඳහන් කළේය. එය ඉවසීමෙන් යුතු රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල වටිනාකම, මිත්‍ර රටක නීතිමය ක්‍රියාවලීන්ට දක්වන ගෞරවය සහ විදේශගත ශ්‍රී ලාංකික පුරවැසියෙකු වෙනුවෙන් නොපසුබටව කටයුතු කළ අයගේ කැපවීම පිළිබිඹු කරන බව ඔහු පැවසීය.

මෙම ප්‍රතිඵලය වෙනුවෙන් සවුදි අරාබි රජයට ඔහු අවංක ස්තූතිය පළ කළ අතර, කැපවී කටයුතු කළ සවුදි අරාබි හා ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රිකයන්ට, රාජ්‍ය සේවකයන්ට සහ නීති කණ්ඩායම්වලට ද ස්තූති කළේය.

ඉතිරි නීතිමය ක්‍රියාවලීන් අවසන් වන තෙක් අනෝජන්ට සහ ඔහුගේ පවුලට අවශ්‍ය සියලු සහාය රජය අඛණ්ඩව ලබාදෙන බවත්, ජීවනෝපායක් සොයා රට හැර යන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට තමන් තනිවී ඇතැයි නොසිතිය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here