පාඨලී චම්පික රණවක මහතා අද (26) දින ගල් අඟුරු විමර්ශනය පිලිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්යවෙත අදහස් දක්වමින් මේ බව කීය.
වාරකන් කාලයේ පැමිණි නැව් දෙකක් (16 සහ 17) ගොඩ බෑමට සහාය නොදුන්නේ යැයි නැව් සංස්ථාවේ නිලධාරියකු කර ඇති ප්රකාශයක් සම්බන්ධයෙන් තමාට කරුණු ඉදිරිපත් කිරීමට කොමිෂන් සභාව අවස්ථාවදී තිබෙන බව කී හෙතෙම එසේ නැතිව තමාට එරෙහිව කිසිම චෝදනාවක් නැති බවද කියා සිටී.
මෙතන තියෙන්නේ වාරකන් කාලයේ මේ නැව් ගෙනාපු අයගේ වරදක් බවද රණවක මහතා පැවසීය.
නැව් සංස්ථාවේ නිලධාරියකු වන කාංචන රත්වත්ත නම් පුද්ගලයා ලබා දුන් සාක්ෂියක් මත ඒ ගැන වැඩිදුරටත් කරුණු අනාවරණය කර ගැනීම සඳහා කොමිසමට අවශ්යව තිබෙන බවත් තමා ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කරුණු ඉදිරිපත් කරන බවත් පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් එහිදී කීය.
ඔහු මෙසේද කීය.
“අනුර කුමාර දිසානායක මහත්තයා කරපු ගල් අඟුරු නැව් 30 ක වංචාව යටපත් කිරීමට මාධ්ය සංග්රාමයක් පටන් අරන් තියනවා. අපි තීරණය කළා එම වංචාව අකුරක් නෑර හෙළි කරන්න. ලබන 12 වෙනිදා පදනම් ආයතනයේදී මේ අවස්ථාව එළඹෙනවා. වැදගත් මාධ්ය ආයතන වෙතත්, මේ පිලිබඳ උනන්දු සියලු දෙනාටම මේ කරුණු අපි හෙළිදරවු කරනවා.”
-srilankamirror







