Home Local News Room : මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහකට වැඩියෙන් තියාගත්තොත් වරදකරු වන පුද්ගලයන්ට මරණ...

News Room : මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහකට වැඩියෙන් තියාගත්තොත් වරදකරු වන පුද්ගලයන්ට මරණ දඬුවම හෝ ජීවිතාන්ත සිරදඬුවම්! ~

0
0
අයිස්, හෙරො­යින් සහ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහ­කට වැඩි ප්‍රමා­ණ­යක් ළඟ තබා ගැනීම, සන්ත­කයේ තබා ගැනීම, වෙළෙ­ඳාම, ජාවා­රම හෝ නිෂ්පා­ද­නය සම්බ­න්ධ­යෙන් මහා­ධි­ක­රණ නඩු විභා­ග­ය­කින් අන­තු­රුව වර­ද­කරු වන පුද්ග­ල­යන්ට හිමි­වන මරණ දඬු­වම හෝ ජීවි­තා­න්තය දක්වා සිර­ද­ඬු­වම බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක, සහ­කාර පොලිස් අධි­කාරී එෆ්.යූ. වුට්ලර් මහතා පව­සයි.

‘රටම එකට’ ජාතික මෙහෙ­යුමේ ප්‍රග­තිය පිළි­බ­ඳව කොළඹ විජේ­රාම මාවතේ පිහිටි ජාතික මෙහෙ­යුම් ප්‍රධාන කාර්යා­ලයේ පැවති දැනු­ම්වත් කිරී­මට ඊයේ (29) පැවති මාධ්‍ය හමු­වේදී ඒ මහතා ඒ බව පැව­සීය.

‘රටම එකට’ ජාතික මෙහෙ­යුම ආරම්භ කර අදට (30) වස­රක කාල­යක් ගතව ඇත.

“වසර දෙකක කාලයේ හෙරො­යින් කිලෝ­ග්‍රෑම් 4,483ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ­ග්‍රෑම් 7,129ක්, ගංජා කිලෝ­ග්‍රෑම් 33,277ක් සහ කොකේන් කිලෝ­ග්‍රෑම් 333ක් පොලිස් භාර­යට ගෙන තිබෙ­නවා.

එම හෙරො­යින් තොගයේ වටි­නා­කම රුපි­යල් බිලි­යන 107.942ක් ද, අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටි­නා­කම රුපි­යල් බිලි­යන 121.64ක්. ගංජා තොගයේ වටි­නා­කම රුපි­යල් බිලි­යන 5.293ක් ද, කොකේන් තොගයේ වටි­නා­කම රුපි­යල් බිලි­යන 14.306ක්.

2025 ඔක්තෝ­බර් මාසයේ ආරම්භ කළ ‘රටම එකට’ ජාතික මෙහෙ­යු­මට වස­රක් සපි­රෙන විට එම මෙහෙ­යුම යටතේ හෙරො­යින් කිලෝ­ග්‍රෑම් 2,835යි ග්‍රෑම් 682ක්, අයිස් කිලෝ­ග්‍රෑම් 3,550යි ග්‍රෑම් 750ක්, කොකේන් කිලෝ­ග්‍රෑම් 297යි ග්‍රෑම් 135ක් සහ ගංජා කිලෝ­ග්‍රෑම් 11,167යි ග්‍රෑම් 569ක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙ­නවා.

එම වස­රක කාලයේ විවිධ අප­රා­ධ­ව­ලට ඍජුව සම්බන්ධ පුද්ග­ල­යන් 5,743 දෙනෙක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙ­නවා. ඒකෙන් සැක­ක­රු­වන් 450කට එරෙ­හිව නීති­වි­රෝධි වත්කම් සම්බ­න්ධ­යෙන් විම­ර්ශන සිදු­ක­ර­නවා.

රතු වරෙන්තු නිකුත් කර ඇති අප­රා­ධ­ක­රු­වන් 112ක් රට­වල් 13ක සැඟව සිටින බවට අපි හඳු­නා­ගෙන තියෙ­නවා. ඔවුන් මෙර­ටට ගෙන්වා ගැනී­මට කඩි­නම් පිය­වර ගනි­මින් සිටි­නවා.

2027 වසර වන විට එම සැක­ක­රු­වන් මෙර­ටට ගෙන්වා ගැනී­මට හැකි වනු ඇතැයි අපි අපේක්ෂා කර­නවා. ඔවුන් මෙර­ටට ගෙන්වා ගැනී­මෙන් අන­තු­රුව නීතිය දැඩිව ක්‍රියා­ත්මක කිරී­මට ද අපි කට­යුතු කර­නවා.

මත්ද්‍රව්‍ය ජාවා­රම් මඟින් නීති­වි­රෝ­ධිව මුදල් උප­යන මේ අප­රා­ධ­ක­රු­වන්ගේ දේපළ සම්බ­න්ධ­යෙන් ද පොලි­සියේ විශේෂ කොට්ඨාස දෙකක් යටතේ පැය 24 පුරාම විම­ර්ශන කර­නවා.

ඒ අනුව, 2024 වස­රේදී රුපි­යල් මිලි­යන 1,490ක දේප­ළද, 2025 වස­රේදී රුපි­යල් මිලි­යන 1,549ක දේප­ළද, 2026 වසරේ මේ දක්වා රුපි­යල් මිලි­යන 1,656ක දේප­ළද රජය සතු කර ගැනීම සඳහා කට­යුතු කර තිබෙ­නවා. ඒ දේපළ අත­රට රන් ආභ­රණ, ඉඩ­ක­ඩම්, යාන­වා­හන සහ මුදල් ඇතු­ළත් වෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකා­ශක කොමා­න්ඩර් චමින්ද වළා­කු­ළුගේ මහතා-

Òපසු­ගිය වසරේ ඔක්තෝ­බර් මාසයේ ආරම්භ කරන ලද ‘රටම එකට’ ජාතික මෙහෙ­යුම යටතේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ මෙහෙ­යුම් මඟින් මේ වන විට රුපි­යල් බිලි­යන 109කට අධික වීථි වටි­නා­ක­ම­කින් යුත් මත්ද්‍රව්‍ය තොග අත්අ­ඩං­ගු­වට ගැනී­මට නාවික හමු­දා­වට හැකි වුණා. මේ මෙහෙ­යුම් නාවික හමු­දාව සමඟ ශ්‍රී ලංකා පොලී­සිය, යුද හමු­දාව, ගුවන් හමු­දාව, පොලිස් විශේෂ කාර්ය බළ­කාය, මත්ද්‍රව්‍ය නිවා­රණ කාර්යාං­ශය සහ අනෙ­කුත් රාජ්‍ය ආය­තන සමඟ සහ­ස­ම්බන්ධ වී කට­යුතු කරන ඒකා­බද්ධ මෙහෙ­යු­මක්. අත්අ­ඩං­ගු­වට ගත් රුපි­යල් බිලි­යන 109ක වටි­නා­කම කියන්නේ වාර්ෂි­කව අය – වැයෙන් නාවික හමු­දා­වට ප්‍රාග්ධන සහ පුන­රා­ව­ර්තන විය­දම් ලෙස වෙන් කරන මුද­ලට ආසන්න අග­යක්. මේ මත්ද්‍රව්‍ය තොග සමා­ජ­ගත වීම වැළැ­ක්වීම මඟින් ජාවා­ර­ම්ක­රු­වන්ගේ ආයෝ­ජන ඉවත් කර, අනා­ගත තරුණ පර­පුර සහ මානව සම්පත ආරක්ෂා කර ගත හැකියි.

‘රටම එකට’ ජාතික වැඩ­ස­ට­හන ප්‍රධාන මාර්ග දෙකක් ඔස්සේ ක්‍රියා­ත්ම­කයි. එහිදී සැප­යුම අඩාළ කිරී­මට නාවික හමු­දාව වෙර­ළා­ස­න්නව, අනන්‍ය ආර්ථික කලා­පයේ සහ ගැඹුරු මුහුදේ නෞකා හා යාත්‍රා යොදවා ජාත්‍ය­න්තර මත්ද්‍රව්‍ය ජාල හරහා මෙර­ටට එන මත්ද්‍රව්‍ය සැප­යුම් අඩාළ කිරී­මත්, ඉල්ලුම අඩාළ කිරී­මට සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය හා අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය හා එක්ව ජන­තාව සහ පාසල් දරු­වන් දැනු­වත් කිරීමේ වැඩ­ස­ට­හන් හා පුන­රු­ත්ථා­පන කට­යුතු කර­නවා.

‘රටම එකට’ වැඩ­ස­ට­හන ආරම්භ කළදා සිට අත්අ­ඩං­ගු­වට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමා­ණය ලෙස හෙරො­යින් ටොන් 2කට අධික ප්‍රමා­ණ­යක්, අයිස් ටොන් 2.6කට අධික ප්‍රමා­ණ­යක්, කොකේන් කිලෝ­ග්‍රෑම් 256කට අධික ප්‍රමා­ණ­යක් හෂීස් කිලෝ­ග්‍රෑම් 65කට අධික ප්‍රමා­ණ­යක් විදේ­ශීය ගංජා කිලෝ­ග්‍රෑම් 1548කට අධික ප්‍රමා­ණ­යක් ද මත්පෙති ටොන් 4කට අධික ප්‍රමා­ණ­යක් ද, බීඩි කොළ ටොන් 88කට අධික ප්‍රමා­ණ­යක් ද අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙ­නවා. 2026 වසරේ ජන­වාරි 01දා සිට මත්ද්‍රව්‍ය ප්‍රවා­හ­න­යට යොදා­ගත් බහු­දින ධීවර යාත්‍රා 10ක්, විදේ­ශීය යාත්‍රා 3ක් සහ අනෙ­කුත් යාත්‍රා 49ක් ඇතුළු මුළු යාත්‍රා 62ක් ද, දේශීය පුද්ග­ල­යන් 337 දෙනෙකු සහ විදේ­ශීය පුද්ග­ල­යන් 11 දෙනෙක් ද අත්අ­ඩං­ගු­වට ගෙන තිබෙ­නවා.Ó

ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ප්‍රකා­ශක බ්‍රිගේ­ඩි­යර් වරුණ ගමගේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකා­ශක නලින් වැව­කු­ඹුර මහ­ත්ව­රුද මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here