Home Local News Room : රුපියල් ලක්ෂ 730ක්.. යෝෂිතගේ නඩුවකට දින නියම කරයි ~

News Room : රුපියල් ලක්ෂ 730ක්.. යෝෂිතගේ නඩුවකට දින නියම කරයි ~

0
0
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබීය.

අනතුරුව අද දින සාක්ෂි සටහන් කරගැනීම සිදුවූ අතර වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස (12) වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

රුපියල් ලක්ෂ 730කට වැඩි මුදලක් වැයකර දෙහිවල හා රත්මලාන ප්‍රදේශවල පිහිටි ඉඩම් කොටස් 05ක් මිලදීගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here