Home Local News Room : රඛිතගේ බැංකු ගිණුම් සහ වාහන… ක්‍රියාවිරහිත කරමින් නියෝගයක්! ~

News Room : රඛිතගේ බැංකු ගිණුම් සහ වාහන… ක්‍රියාවිරහිත කරමින් නියෝගයක්! ~

0
0
හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් සහ වාහන මාස තුනක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කරමින් කොළඹ මහාධිකරණය ඊයේ (05) දින නියෝගයක් නිකුත් කර ඇත.

ඊයේ (05) දින අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව, රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් 4ක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මීට පෙර තහනම් කර තිබූ අතර අදාළ බැංකු ගිණුම් තුළ රුපියල් කෝටි 4ක පමණ මුදලක් තිබී ඇති බව අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන “හරක් කටා” නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයෙන් මුදාගෙන ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා තැබීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළේය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here