මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, මෙම අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.
අතීතයේ තම රජය යටතේ වුවද මෙවැනි දෑ සිදු වූයේ නම් ඒවා ද තමන් අනුමත නොකරන බවත්, දේශපාලන පළිගැනීම් ප්රජාතන්ත්රවාදී රටකට උචිත නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.
නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ අනුරාධපුර ජනහමුව අමතන බවට සමාජ මාධ්‍ය සහ විවිධ පාර්ශව ඔස්සේ පැතිර යන ප්‍රචාරයන් පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ඒවා හුදෙක් පදනම් විරහිත ඕපාදූප පමණක් බවයි.
“නාමල් රාජපක්ෂ මහතා ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට පැමිණෙනවා. එදාට ඔහු අනුරාධපුරයේදී ජනතාව හමුවේ තැබීමට සිටි ඒ ප්‍රබල කතාව පාර්ලිමේන්තුවේදී රට හමුවේ තබනවා. ඒ දෙස බලා සිටින්නැයි මම රජයට අභියෝග කරනවා” යැයි ද රෝහිත අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ පුවත තව අයට බලන්න







