Home Local News Room : කෙහෙළිය පුතුගේ නිවසට හොරු පනී! ~

News Room : කෙහෙළිය පුතුගේ නිවසට හොරු පනී! ~

0
0
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලගේ නිවසේ තිබූ විදේශ මුදල් සහ වටිනා භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇති බවට නාරාහේන්පිට පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වේ.

රමිත් රඹුක්වැල්ල පදිංචිව සිටි බව කියන නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක පිහිටි නිවසක් බිඳ මෙම සොරකම සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

අදාළ පැමිණිල්ලට අනුව ඇමරිකානු ඩොලර් 4,275ක මුදලක්, රුපියල් ලක්ෂ 14ක් සහ වටිනා ගෘහ උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් මෙලෙස සොරාගෙන ගොස් ඇති බව සඳහන් කරයි.

මෙම සොරකම පසුගිය අගෝස්තු මස (08) වැනිදාත් සැප්තැම්බර් මස (30) වැනිදාත් අතර කාලසීමාව තුළ සිදුව ඇති බවට පැමිණිල්ලේ සඳහන් කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, රමිත් රඹුක්වැල්ලගේ පැමිණිල්ල මත සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ නිවස ඔහුගේ බිරිඳගේ පියාට අයත් එකක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here