සිය නිල ෆේස්බුක් ගිණුමෙහි පහත දැක්වෙන සටහන තබමින් පාඨලි චම්පික මේ බව ප්‍රකාශ කරයි.
ලෝක වෙළඳපොළේ තෙල් මිල සහ ලංකාවේ ඇත්ත තත්ත්වය!
(1$ = රු. 330/= ලෙස ගණනය කළ විට සිංගප්පූරු වරායෙන් ආනයනික (FOB) මිල සහ ලංකාවේ දැනට පවතින වෙළඳපොළ මිල අතර සංසන්දනය)
2026.10.02 දින වන විට ලීටරයක ආනයනික මිල සහ ලංකාවේ විකුණුම් මිල ගණන් පහත පරිදි වේ.
පෙට්‍රල් 92:
ආනයනික මිල: රු. 292 (බැරලය $141)
ලංකාවේ මිල: රු. 414
පෙට්‍රල් 95:
ආනයනික මිල: රු. 305 (බැරලය $147)
ලංකාවේ මිල: රු. 475
ඔටෝ ඩීසල්:
ආනයනික මිල: රු. 350 (බැරලය $169)
ලංකාවේ මිල: රු. 392
සුපර් ඩීසල්:
ආනයනික මිල: රු. 367 (බැරලය $177)
ලංකාවේ මිල: රු. 528
බොරතෙල් (Crude Oil):
ආනයනික මිල: රු. 213 (බැරලය $103)
මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ, බස් හිමියන් ඇතුළු සමස්ත ජනතාවගේ දැනගැනීම පිණිස ඉන්ධන මිල සූත්‍රය (මිල හැදෙන හැටි) වහාම රටට හෙළි කරන්න!
එසේම, රු. 210 ට විදුලිබල මණ්ඩලයට දැවි තෙල් විකිණීමෙන් ලබන අධික ලාභය පිළිබඳවද ජනතාවට පැහැදිලි කිරීමක් සිදු කළ යුතුය!







