Home Local News Room : රාජපක්ෂ පවුල හිරේ දාන්න ප්‍රභාකරන්ටවත් බැරිවුණා… ඩයස්පෝරාව ඩොලර්වලට මාලිමාණ්ඩුව...

News Room : රාජපක්ෂ පවුල හිරේ දාන්න ප්‍රභාකරන්ටවත් බැරිවුණා… ඩයස්පෝරාව ඩොලර්වලට මාලිමාණ්ඩුව ඒකත් කළා…! – අර්චුනා රාමනාදන්… ~

0
0
ප්‍රභාකරන්ටවත් හිරේ දැමීමට නොහැකි වූ මහින්ද රාජපක්ෂගේ බිරිඳ සහ පුතා හිරේ දමා වර්තමාන ආණ්ඩුව දෙමළ ජනතාව සහ ඩයස්පෝරාව සතුටු කිරීම ගැන තමන් සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසයි.

ඩයස්පෝරාවෙන් ගත් මුදලට ආණ්ඩුව සාධාරණය ඉටු කරන බවත් ඉතිරිව ඇති ගෝඨාභය රාජපක්ෂද සිරගත කර ඔවුන් සතුටු කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

උතුරු පළාතේ සිදු වූ වංචා දූෂණ පිළිබඳ විගණන වාර්තා පහක් තමන් සභාගත කළද ඒ කිසිවක් ගැන මෙතෙක් විමර්ශනයක් සිදුව නැතැයිද උතුරට වැඩියෙන්ම මත්පැන්හල් බලපත්‍ර ලබා දී ඇත්තේ වර්තමාන ආණ්ඩුව බවද අර්චුනා රාමනාදන් ප්‍රකාශ කරයි.

අද (08) පාර්ලිමේන්තුව අමතමින් අර්චුනා රාමනාදන් මේ බව කීය.

-emanisa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here